අභියාචනාධිකරණයේ පුරප්පාඩු පුරවන්නැයි නීතිඥ සංගමය ජනපතිට ලියයි

අභියාචනාධිකරණයේ පවතින විනිසුරු පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමුකර තිබෙනවා.

මේ වනවිට අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු 5ක් පමණ ඇති බවත් එම පුරප්පාඩු පිරවීමට දිගින් දිගටම පමාවීම සම්බන්ධයෙන් තමන් දැඩි කනස්සල්ලට පත්වන බවත් ඔවුන් එම ලිපියෙන් පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ චතුර ඒ.ගල්හේන සහ එම සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න එම ලිපියට අත්සන් තබා තිබෙනවා.

අප හා සම්බන්ධ වන්න!

ස්තුතියි! ඔබගේ විස්තර ලැබී ඇත!
අපොයි! පෝරමය ඉදිරිපත් කිරීමේදී යමක් වැරදී ඇත.