නිලන්ත ජයවර්ධනට එරෙහි පෙත්සම සලකා බැලීම කල් යයි...

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදි පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සම සලකා බැලීම සඳහා ජූලි මස 25 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා.

ඒ එම පෙත්සම අද (28) සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදියි.

එම අවස්ථාවේදී වගඋත්තරකාර නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතා මෙම නඩුකරයට අදාළව විරෝධතා ගොනුකිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ විරෝධතා ජුනි මස 25 වනදා හෝ ඊට පෙර ගොනුකරන ලෙස අධිකරණය නියෝග කළා.

ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ජූලි මස 25 වනදා යළි කැඳවන ලෙසයි අධිකරණය නියම කළේ.

මරදාන සමාජ හා සාමුහික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ගරු ජූඩ් රොහාන් සිල්වා පියතුමා ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

අප හා සම්බන්ධ වන්න!

ස්තුතියි! ඔබගේ විස්තර ලැබී ඇත!
අපොයි! පෝරමය ඉදිරිපත් කිරීමේදී යමක් වැරදී ඇත.